දශක තුනක් තිස්සේ පැවති යුද්ධය අවසන්වී වසර අටකට වැඩි කාලයක් ඉක්මව ගොස් ඇතත් යුද්ධයේ අමිහිරි මතක සටහන් තවමත් අවසන්වී නොමැත.යුද්ධය අවසන්වූවත් ඉන්පීඩාවට පත්වූ සිය දහස් ගණනක් තවමත් සුසුම් හෙළමින් ජිවත්වෙති.

යුද්ධය අවසන්වීමට ඔන්න මෙන්න කියා තිබියදී යුද්ධයෙන් දරුණු ලෙස බැටකෑ වැලිඹය ප්‍රදේශයේ පිහිටි නිවසකට 2007 වසරේ අගෝස්තු මස 12 වනදින පතිතවූ මෝටර් උණ්ඩයක් පුපුරා යෑමෙන් දෙඇස් අන්ධවූ සිය පුත්‍රයාගේ ඉදිරි අනාගතය සුරක්ෂිතකර ගැනීමට වෙහෙසවන අසරණ මවක් පසුගියදා මුණ ගැසුනාය.

අංක 201 ඇතා වැටුණුවැව වැලිඔය ලිපිනයේ පදිංචි ශ්‍රීයාණි ගලප්පත්ති (49) හා ඇගේ සැමියා වන (60) හැවරදි කේ.ඒ.තිලකරත්න මහතාත් මෝටර් ප්‍රහාරයෙන් බරපතල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ සිටි එවකට තුන්වන වියේ පසුවූ තරිදු ලක්ෂාන් දරුවාත් බෝම්බ ප්‍රහාරයට ලක්වී හිසට බරපතල තුවාල සිදුව රෝහල්ගත කර තිබේ.වසර තුනක් දෙනෙතින් අලෝකය දුටු තරිදු ලක්ෂාන්ට කුරිරු යුද්ධයට සාපවන්නට නැවත කිසිදු දිනක ආලෝකය දකින්නට වාසනාව උදාවී නැත.

මේ වනවිට දොලොස් වනවියේ පසුවන කොළඹ රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන තරිදු ලක්ෂාන්ගේ දෙමාපියන් දැඩි අපහසුතාවන් මැද ජිවිකාව ගෙන යන අතර දෙඇසම  නොපෙනෙන සිය දරුවාට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට වත්කමක් නොමැති නිසා පිළිසරනක් පතා රජයේ ආයතන රැසක නිළධාරින් බළධාරින් හමුවීමට ගියත් ඔවුන් අසරණවී සිටින තරිදුට හෝ දරුවාගේ මාපියන්ට වචනයකින්වත් සහනයක් ලබාදීමට කාරුණි නොවීම කණගාටුට කරුණකි. 

දරුවාගේ දෙඇස් අන්ධවීම හේතුවෙන් අන්ත අසරණභාවයට පත්වී සිටින දෙදරු මවක්වන ශ්‍රීයාණි ගලප්පත්ති (49) මහත්මිය මෙසේ පැවසුවාය. අපි අවසනාවන්ත සිද්ධියට මුහුණ පෑවේ 2007 වසරේ අගෝස්තු මස 12 වෙනිදා පාන්දර.මම එදා පාන්දර ගෙදර කුස්සියේ උයමින් සිටයදී ජනකපුර පැත්තෙන් හමුදාව මෙහෙයුමක් දියත්කරලා තිබ්බා.අපි දන්නෑ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කියලා.පුතා කිවූවා අම්මේ හමුදාවෙන් මෝටාර් ගහනවා වගේ කියලා.කියලා විනාඩි යක්වත් ගියේ නෑ.මෝටාර් උණ්ඩයක් අපේ නිවස තුලට වැටිලා පුපුරලා ගියා.

මම මහත්තයා පුතා අනතුරෙන් බරපතල තුවාල ලැබුවා.දුවට විතරයි අනතුරක් උනේ නැත්තේ. ඒ අවාසනාවන්ත සිදුවීමෙන් වසර තුනහමාරක් ලෝකය දැකපු පොඩි පුතාට ඇස් දෙකම අහිමි උනා.ඇස් දෙකින් එකක්වත් බේරගන්න කියලා අපි හුගක් මහන්සි උනා.නමුත් දරුවගේ ඇස් දෙකම දැන් පෙන්නේනෑ.බෝම්බේ වැදිලා පුතාව අනුරාධපුර රෝහලට ගෙනියද්දිත් එයාට ඇස් දෙක පෙනුනා කියලා අපිට කිවුවා.

මැකෑනික් වැඩ කරපු මහත්තයට අනතුරෙන් පස්සේ වැඩක් පලක්කර ගන්න බෑ. අපි අසරණ වෙලා ඉන්නේ. ඉන්න හිටින්න නිවසක් නෑ.2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවුනා. එතුමා නිවසක් හදාගන්න රුපියල් තුන් ලක්ෂයක් දුන්නා.නමුත් ඒ මුදලින් නිවසේ සුළුවැඩ කොටසයි කරගත්තේ.එතුමා එදින රුපියල් 50000ක් දුන්නා.මාසිකව රුපියල් 18000ක් දෙන්නම් කිවුවා. නමුත් අපේ කරුමෙට ඒ කිසිවක් හමුවුණේනෑ.ලැබුණු දිමනාවත් දැන්මාස ගණනාවකින් ලැබුණේනෑ.

අසරණ දරුවගේ ඇස් නොපෙනෙන නිසා දරුවට ගෙදර ආවහම උදවුවක් නැතිව වැසිකිලියට යන්න විදියක් නෑ.නිවස තුලම වැසිකිලියක් හදාගන්න ඕන.ආධාර ඉල්ලගෙන රජයේ ආයතනවලට ගියාම අපිට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නෑ.අපි මුලතිව් දිස්ත්‍රික්කයට අයත්වන්නේ.සමාජ සේවා ආයතනට ගියාම ප්‍රාදේශිය ලේකම්ගෙන් අර ලියවිලි මේ ලියවිලි ගෙන්න කියනවා.අපිව හෙම්බත් කරනවා.අසරණවෙලා ඉන්න දරුවට ඉගෙන ගන්න මාසිකව රුපියල් 8500ක් ඉල්ල ගන්නයි මම හැමතැනම දුවන්නේ.

මමත් හැමතැනම යන්නේ පුළුවන් කමකට නෙමෙයි දරුවා නිසා.බෝම්බ ප්‍රහාරයෙන් මමත් දරුණු විදියටම තුවාල වෙලා ඉන්නේ.බෝම්බය වැදිලා මගේ උදරය පුපුරලා ගිහින්.

මේ දේවල්වලට මුහුණ දෙන්න උනේ අපි අසරණ උනේ බෝම්බයක් නිවසට කඩා වැටුණු නිසා.දරුවා කියනවා අම්මේ මං වෙනුවෙන් තැන තැන ගිහින් හිගාකන්න එපා.මම කැදබීලා හරි හොදට ඉගෙන ගෙන නිතිඥවරයෙක් වෙලා අම්මලාට සලකන්නම් කියලා.අන්ධ වෙලා ඉන්න දරුවගේ බොරු ඇහැ සතියකට සැරයක් හෝදන්න ඕන.ඒකට මම සතියකට සැරයක් රත්මලානේ අන්ධ විද්‍යාලයට යන්න ඕන.යන්න එන්න සතියකට රුපියල් 3000 ක් විතර ඕන.

ඒ මුදල හොයා ගන්නේ ස්වයං රැකියාවක් කරලා.ස්වයං රැකියාවක් දියුණු කර ගන්නවත් අපිට බැංකුවක් ණයක්වත් දෙන්නෑ.අපි පුදුම විදියට අසරණ වෙලා.යුද්ධයෙන් දරුණු විදියටම අසරණ වෙච්ච අපිට නිවසක් හදලා දෙන්න කියලා අවස්ථා කිහිපයක්ම සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගෙන් ඉල්ලීම්කලා.නමුත් අපේ දුක ගැන එතුමාගේ අවධානයක් යොමු උනෙත් නෑ.දරුවට හොදට ඉගෙන ගන්න පුළුවන් මේ වෙනකොට විවිධ ඉසව් වලින් කුසලාන හතක්,පදක්කම් 12ක් හා සහතික 25 දිනාගෙන තියෙනවා.

ලෝක ළමා දිනයන් පැවත්වෙනවා.කවදාවත් අපේ දරුවෙකුට ආරාධනාවක් නෑ අසරණ අපේ දරුවන්ව පෙනෙන්නේනෑ.රජයේ නිළධරින් ඇහැක් ඇරලා බලන්නේ නෑ.මට දරුවට උගන්න ගන්න.දරුවට නිවසට ආවහම වැසිකිලි යන්න නිවස ඇතුලේ නාන කාමරයක් හදා ගන්න උදවු කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවානම් ඒක මහගු පිනක් යැයි ඇය හඩා වැටෙමින් පැවසුවාය. 
       
-අනුරාධපුර මධ්‍යම විශේෂ  ( 077-9001717 / 071-9510229 )

 
Top