දොඩන්ගොඩ ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ තුඩුගල ශ්‍රි සාරානන්ද මාවතේ නොමිබර 35 නිවාසේ පදිංචි නාත් දේශප්‍රිය මොහොටිටි සහ මොහොටිටි මාලති යන මවිපිය යුවලට උපන් වයස අවුරැදු 18ක් වයසැති පසිදු ටෙරාන් මොහොටිටි සිසුවා සෙල්ලමි කරමින් සිටියදි සුසුමිනාව කැඩී මාස දහතුනක් (13) තිස්සේ එක්තැන්ව සිටි. 

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාභයට ඉදිරිපත් වී විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින පසිදු සිසුවා දිනක් සම වයසේ දරැවන් කිහිපදෙනෙකු සමග සෙල්ලමි කරමින් සිටියදි  මෙම සිදුවීමට මුහුණ දි ඇතැයි පවුලේ ඥාතිහු කියති.

පසිදු ටෙරාන් මොහොටිටි සිසුවාට දැනට මාස දහතුනක කාලයක් තිස්සේ සිටි ඇද මතට වී සිටිමට සිදු වි ඇත. වෛද්‍ය උපදෙස් මත පසිදුට ශෛල්‍යකර්මයක් කිරීමට ඇති බව පැවසේ. එම ශෛල්‍යකර්මය කිරිමට රැපියල් ලක්ෂ 02ක් වැය වන බව වෛද්‍යවරැන් පවසති.

පසිදුගේ පියා කියා සිටියේ එම ශෛල්‍යකර්මය කිරිමට තමන්ට වත්කමක් නොමැත් බවයි. තවද පසිදුගේ පියා අප සමග කියා සිටියේ දැනට ප්‍රතිකාර කරගෙන යන අතර පුතාව ඇදේ සිටින රෝගියා ඔසවා එහා මෙහා ගෙනයාමට උපකරණයක් ඇති බවත් එම උපකරණය වෙළදපොළේ රැපියල් ලක්ෂ දෙකක් වන අතර එම යන්ත්‍රය ගතහොත් පුතාව එහා මෙහා ඔසවාගෙන යා හැකි බවයි. ඔවුන් පවසන්නේ පසිදු දරැවාගේ ශෛල්‍යකර්මය සහ රෝගියාව ඔසවාගෙන යන විශේෂ යන්ත්‍රය ලබා ගැනිමට පරිත්‍යාගශිලින්ගේ ආධාරය බලාපොරොත්තු වන බවයි.

එම ශෛල්‍යකර්මය කළ හොත් රෝද පුටුවක හෝ විශේෂ උපකරණයෙන් එහා මෙහා යෑමට පුළුවන් බව වෛද්‍යවරැන් පවසන බව පසිදුගේ මා පියෝ අප සමග කියා සිටිති.

පසිදු ඉල්ලා සිටින්නේ එම ස්ථානයේ සිට අධ්‍යාපන කටයුතු කිරිමට ලැප්ටොප් පරිගණකයක් හෝ ටැබි එකක් පබා දෙනවානමි මහගු පිනක් බවයි. ඔවුන් කුලී නිවසක දැනට පදිංචි වි සිටින අතර පසිදුට තරමක් සුවය ලැබිමට වාසනාව උදාකර දිමට පරිත්‍යාගයක් කළ හැකි අයෙක් ඇතොත් නමි උපකාර කරන ලෙස ඔවුන් ආයාචනා කරයි.

පි.ටි.එචි. මොහොටිටි නමින් ඇති දොඩන්ගොඩ ලංකා බැංකුවේ 77995337 අංක දරණ ගිණුමට මුදල් බැර කිරීමට හැකි අතර තොරතුරැ විමසන්නේ නමි, පසිදුගේ පියා වන නාත් දේශප්‍රිය මොහොටිටිගේ 071 9094772 දුරකථන අංකයට කතා කිරිමෙන් තොරතුරැ දැන ගත හැකි බවයි.  

 
Top