අබ්බගාත පුතුන් දෙදෙනා සහ සුව කළ නොහැකි අපස්මාර රෝගයෙන් පෙලෙන දියණිය ජීවත් කර වන්නට දහසක් වද වේදනා විදින 73 වියැති අම්මා කෙනෙකු සෙවගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මහගම ප්‍රදේශයේ ජීවක් වීම පිලිබඳ සියැසින් දැක ගන්නට පසුගිය දිනක එම නිවසට මා ගොඩ වැඳුණේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් චන්දන ලොකු හේවගේ මහතා සහ එම කාර්යාලීය නිලධාරීන් ද සමගිනි.

මෙම නිවසට ගොඩවදින ඕනෑම අයෙකුගේ හද සසල කරමින් කදුළු බිදුවක් හෝ රූරා නොවැටුණ හොත් එය මහා පුදුමයකි. මේ දිග හැරෙන්නේ ඒ දුක්බර කථාවෙන් බිඳක් පමණි.

මෙහි කථා නායිකාව වූ වියපත් ලීලාවතී අම්මා ප්‍රකාශ කළේ මෙවන් කථාවකි.

"මට දැන් වයස අවුරුදු 73යි. මගේ සැමියා මීට වසර ගණනාවකට පෙර අසාධ්‍ය රෝගයකින් මිය ගියා. මට දරුවන් 07 ක් හිටියා. දෙදෙනෙකු මිය ගියා. දැන් දරුවන් 05 ක් ඉන්නවා. එයින් දියණියන් දෙදෙනෙක් විවාහ වෙලා වෙන්වුණා. ඒ අයත් ඉතාම දුප්පත්. අනික් තුනාදෙනා ලෙඩ්ඩු. වැඩිමහල් පුතා අවුරුදු 35යි අබ්බලගාතයා. දෙවන පුතා අවුරුදු 32යි අබ්බගාතයා. දියණිය සුව කළ නොහැකි අපස්මාර රෝගයෙන් පෙලෙනවා. මේ තුන් දෙනාම ජීවත් කරවන්නේ මම. දැන් මට කුලී වැඩක් වත් කරන්නට බෑ. කවුරු හරි උපකාරයක් කළොත් සතුටින් භාර ගන්නවා. බොහෝ දවසට කන්න‍ බොන්න මොනවත් කවුරුත් හාමතේ ඉන්නවා. ඒක පෙර කරපු පවක් කියලා හිත හදා ගන්නවා."

සෙවගල ප්‍රාදේශීය ලේකම් චන්දන ලොකු හේවගේ මහතා-මේ දුක්බර කථාව මම සියැසින් දැක්කා. මගේ කාර්යාලීය නිලධාරීන්ගේ එකමුතුවෙන් ගොඩනැඟු මුතු කවය නම් වූ අසරණයන්ට පිහිට වන සංගමයෙන් තීරණය කළා මේ පවුලට හැකි පමණින් පිහිට වන්න. මෙවන් අසරණ පවුල් මගේ බල ප්‍රදේශයේ තවත් ඉන්නවා. ඒ අයටත් අපි උදව් කරනවා.

අපි අද ආවේ මේ අසරණ පවුල ජීවත් කරවන්නට අපට හැකි අයුරින් ආහාර පාන, ඇඳුම් පැළදුම් ටිකක් රැගෙනයි. මෙතනට ආවට පස්සේ අපි තීරණය කළා හැම මාසයකම වරක් දෙවරක් ඇවිත් දුක් සැප බලා උදව් කරන්න.

මම පරිත්‍යාගශීලීන් ගෙන් කාරුණීකව ඉල්ලා සිටින්නේ මේ අහිංසක අසරණ පවුලට හැකි අන්දමින් පිහිටක් වන ලෙසයි. එය මෙලොව දී අප කරගන්නා මහා පිංකමක් වේවි.
- ඩබ්ලිව්.විදානපතිරණ

Divisional Secretary
Mr. Chandana Lokuhewage
Tel : 047-2280067

 
Top