නාච්චියාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් , 2 ඇල ,ආමනේ ,ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි අසරණ පවුලක පියා ,දරුවන් දෙදෙනෙකු සහ අද හෝ හෙට ලොව එළිය දකින්නට තුන්වැන්නකු කුස දරා සිටින ගැබ්බර මාතාවක් වන ලාලනි ගේ දුක්බර කතාවයි මේ. 

ලාලනි නෙත්තසිංහ ගේ වයස අවුරුදු 37 කි ඇගේ ස්වාමියා වන එස්.එච්.ගුණදාසට වයස 34 කි .වැඩමල් දියණිය හෂිණි ශෂිගේ වයස අවුරුදු 05 ක් වන අතර ඇය පළමු වසරේ ඉගෙනුම ලබයි. 

දෙවැනියාවන ගයාන්ගේ වයස අවුරුදු දෙකහමාරකි. එදිනෙදා කුලි වැඩ කිරිමෙන් යම් මුදලක් උපයා ගන්නා ගුණදාස එම මුදලින් පවුල නඩත්තු කරන්නේ මහත් අසිරුවෙන් බව ලාලනි පවසති.

ඔවුන් ජිවත්වන කුඩා නිවසේ දරුවන් දෙදෙනෙකු හා මේ ගැබිණි මාතාවක් ජිවත් වීම ඉතා අවධානම් සහගත බව දකින ඕනම කෙනෙකුට පසක් වන කරුණකි. ලාලනි පවසන්නේ තම ස්වාමියා කුලි වැඩ කිරිමෙන් උපයන මුදලින් එදිනෙදා ජිවත් වනවා හැරෙන්නට නිවස තනා ගැනීම සිහිනයක් බවයි. බිත්ති කඩා වැ‍ටෙමින් පවතින මෙම කුඩා නිවස ඇතුලත තත්වයද ඉතාම අවදානම් සහගත වුවකි. 

මාස කිහිපයක සිට සමෘද්ධිය ඔවුනට ලැබෙන බව කී ලාලනී පරිත්‍යාගශිලි ආයතනයකින් හෝ දානපති පින්වතෙකු හෝ මේ උපදින්න ඉන්න දරුව ගැන හිතල හරි ඇගේ පුංචි ගෙය හදා ගන්න පිහිටක් වෙනමෙන් ඉල්ලා සිටිති. 

තොරතුරු අවශ්‍ය අයෙකු වෙතොත් ඉහත ලිපින යෙන් හෝ ගුණදාස ගේ දුරකථන අංකය 071 3772390 අමතා දැනගත හැකිය.

 
Top