හිසේ වතුර පිරීම නිසා විශාල හිසකින් යුතුව උපන් දැනට දෙහැවිරිදි වියේ පසුවන කුඩා දරුවා රැකබලාගැනිමට සිදුවී ඇති නිසා කුළී වැඩක් හෝ කරගැනීමට නොහැකීවීමෙන් අසරණ භාවයට පත්වී සිටින පවුලේ තම එකම දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම හා ජීවත්වීම සදහා ආධාර කරන ලෙසට පින්කැමති පරිත්‍යාග ශීලීන්ගෙන් ඉල්ලා සිටිති.

 ගල්ගමුව,පාලු ආඩිගම පදිංච් ඩි.ස්වර්ණමාලී(22)සහ ජේ.රුවන් කුමාර(26) යන මෛ මවුපියන්ට දාව උපන් දෙහැවිරිදි ජේ.දෙනුවන් කෞෂධ නමැති ඔවුන්ගේ දරුවාද සමඟ ඔවුන්ට පිහිටක්විම සදහා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදෙන ලෙස ඉල්ලා අප වෙත යොමුකරනු ලැබුවේ ලංකා බැංකු රඹුක්කන ශාඛාවේ කළමනාකාරිනී ජි.එස්.සි.බණ්ඩාර මහත්මිය විසිනී.

ඉකුත් කාන්තා දිනයේ සවස තම දරුවාද පපුවට තුරුළු කරගනිමින් දරුවාගේ මවත්,පියාත් මඟතෙට ඇවිදමින් කීයක්හරි ඉල්ලා සිටියේ තම දරුවා සුවපත් කරගැනිමටය.එම දෙහැවිරිදි ආබාධිත දරුවාගේ මව වන ඩී.ස්වර්ණමාලී මහත්මිය අප සමග මෙසේ පැවසුවාය.

අපි දෙන්නාට ඉන්නේ මේ පුංච් පුතා පමණයි.මේ එන අප්‍රේල් 05ට පුතාට අනුරුදු දෙකක් වෙනා.වෛද්‍යවරුන් පැවසුවේ දරුවා කුසතුළ සිටියදීම පුතාගේ හිසේ වතුර පිරී ඇති නිසා හිස විශාලවී පවතින බව කියමින් පුතා තුසතුළ සිටියදීම හිසේ වතුර ඉවත්කරන්න සීසර් සැත්කමත් කරලයි පුතා එළියට ගත්තේ.එදා පටන්ම දරුවාගේ හිස ලොකුවෙලා හිස ඔසවාගෙන ඉන්න බැරි නිසා නිතරම හිස ඉස්සිලා තියෙන විදිහට වඩාගෙන ඉන්නයි සිදුවෙලා තියෙන්නෙ.දරුවාගේ හිසේ තියෙන වතුර ඉවත්කරන්න හිසතුළ සිට බඩට ඒ වතුර යවන්න බටයක් ද්‍රන්න ශෙල්‍යකර්මයක් කරන්න වෙනවා කියල නවලෝක රෝහලේ සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරැ කීවා.නමුත් එයින් දරුවාගේ ජීවිත කාලයටම දුක් විදින්න වෙයි කියන බයට අපි අකමැති වුණා.

පොල්පිතිගම,කුලියාපිටිය, සඳලංකාව ප්‍රදේශවල සිංහල වෙදමහත්තුරු හමු වෙන්න ගිය අවස්ථාවකදී සිංහල බෙහෙත්වලින් සුව කරන්න පුළුවන් කීවා.ඒ අනුව සඳලංකා‍වේ වෙද මහතාගෙන් මාස අටක පමණ කාලයක සිට බෙහෙත් ගන්නවා.අපි පුතා එක්කරගෙන වෙදමහතා ලගට යනකොට පුතාගේ ඔළුව කිලෝ ග්‍රෑම් තුනක් පමණ බරට අඟල් 32ක් පමණ තමයි තිබුණේ.දැන් වට අඟල් 25කට පමණ අඩුවී තියෙනවා.
අනේ මහත්තයෝ අපිට කියලා ජිවත්වෙන්න ස්ථීර නිවසක් නැති නිසා මගේ මවගේ ගෙදර තමයි අපි ඉන්නේ දරුවාට බෙහෙත් කරන්න සතියකට දින හතරක් එක්ක යන්න ඕනෑ.දරුවා රැකබලාගන්න තියෙන නිසා අපි දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් කුලීවැඩකට හරි යන්න පුළුවන්කමක් නෑ.ඒ නිසා අපි සතියේ ඉතිරි දිනවල මේ වාගේ ආයතනවලට ගිහින් හොයාගන්න ආදාර මුදලින් තමයි ජිවත් වෙන්නේ.ඒ නිසා අපි මේ දරුවා ජිවත් කරන්නත් අපිට ජිවත්වෙන්නත් ආධාර කරන ලෙස පින්කැමති ද්‍රනපති ජනතාවගෙනුත්,ආයතනවලිනුත් වැදලා ඉල්ලීමක් කරනවා.

දරුවාගේ මවු පියන් වන ඩි.ස්වර්ණමාලි සහ ජේ.රුවන් කුමාර නමින් මිගලෑව ලංකා බැංකු ශාඛාවේ අංක 75586165 දරණ හවුල්  ඉතිරි කිරීමේ ගිණුමක් ඇති අතර,එම ගිණුමට ආධාර එවන ලෙස ඉල්ලීමක් කරයි.අංක 0257926831 දරණ දුරකථන අංකයට කතාකිරිමෙන්ද වැඩිදුර විස්තර ලබාගත හැක.

 
Top