සෞදි අරාබියේ රැකියාවකට ගොස් පසුගිය 17දා නැවත ලංකාවට පැමිණි තංගවේල් සෙල්වරාණි වීරයියා නැමති කාන්තාවගේ ඥාතීන් සොයා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සාහය පතයි. ඇය තරමක මානසික අපහසුතාවයකින් පෙළෙන බවත් ඇය සතුව ගමන් බලපත‍්‍රයක් හෝ අනන්‍යතාවය තහවුරු කිරීමට කිසිඳු ලියවිල්ලක් නැති බවත් කාර්යාංශය කියයි.

එසේම ඇයගේ ගම හෝ නිවස පිහිටි ස්ථානයක් හෝ ඥාතීන් පිළීබඳව කිසිවක්ද ඇය නොදනී. මේ වන විට අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන මෙම කාන්තාවගේ තොරතුරු දන්නා ඇයගේ ඥාතීන් සිටීනම් 011-2259341 , 011-2259954 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 
Top